SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

'Help to Buy' ක්‍රමවේදය හරහා ඔස්ට්‍රේලියානු රජය සමග හවුලේ ගෙයක් ගන්න ඉන්න පළමු නිවාස ගැණුම්කරුවන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද?

4/30/2026
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳ පොළට පිවිසීමට පළමු නිආවස ගැනුම් කරුවන්ට විවිධ සහන රජයෙන් ලබා දෙනවා. ඉතින් මේ වගේ ලබා දෙන එක සහන ක්‍රමවේදයක් තමයි 'Help to Buy' කියන ක්‍රමවේදය. කුඩා තැන්පතු මුදලක් තිබුනත් ඔබට ඔබේ පළමු නිවාසය ඔස්ට්‍රේලියාවේදී මිලදී ගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. නමුත් මේ ක්‍රමවේදය පිළිබඳව විවිධ වැරදි මතත් බොහෝ දෙනා අතර තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදයේ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන මේ කෙටි සාකච්ඡාවට සවන් දෙන්න.

Duration:00:07:40

Ask host to enable sharing for playback control

ලොව වටා: III වන චාල්ස් රජු ට්‍රම්ප් ට කල අපූරු විහිළුව සහ චීන DeepSeek අලුත් මාදිලිය

4/29/2026
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

Duration:00:08:20

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් විදේශයක උපත ලැබූවන් අතර මුල් තැන ඉන්දියාවට

4/29/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:05:07

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ඉන්ධන සැපයුම් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් ජපානයේ සංචාරයක

4/28/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:05:13

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: කෘතිම බුද්ධියේ ඉක්මන් වර්ධනයට ලෝකය තාමත් සුදානම් නැහැ, AI නියාමනය කිරීමට වන ඉල්ලීම් ඉහල යයි

4/28/2026
දිනපතා අන්තර්ජාලය භාවිත කරන සෑම අයකුටම මේ වනවිට කෘතිම බුද්ධිය හෙවත් AI තාක්‍ෂණයට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන අතර මේ හේතුවෙන් AI නියාමනය සම්බන්ධයෙන් වන ඉල්ලීම් ක්‍රමයෙන් ඉහල යමින් තිබේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න අද කාලීන විග්‍රහයට සවන් දෙන්න

Duration:00:11:53

Ask host to enable sharing for playback control

කිරි උතුරවන්න මුට්ටි, කැවිලි පෙවිලි, කෙසෙල් කොල මේ හැම දෙයක්ම ගන්න අපි කි.මී දෙතුන් සීයක් දුර ප්‍රධාන නගරයකට යන්නම ඕන - Echuca Moama අවුරුදු සැමරුම් ගැන වෛද්‍ය ඩොමිනික් කරුණානායක දැක්වූ අදහස්

4/28/2026
වික්ටෝරියා ප්‍රාන්තයත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයත් සම්මුඛ වන මරේ ගංගාව මැදි කර ගත් සුන්දර Echuca සහ Moama නගර දෙකෙහි ජීවත් වන ශ්‍රී ලාංකීය ප්‍රජාව සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය මේ සතිඅන්තයේ මැයි 02 වෙනි සෙනසුරාදා පැවත්වීමට නියමිතයි. දුරස්ථ ප්‍රාදේශීය නගර වල ජීවත්වන ශ්‍රී ලාංකීය ප්‍රජාව මෙවැනි සංස්කෘතික උත්සව සංවිධාන කිරීමේදී මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ Echuca - Moama ශ්‍රී ලංකා සමාජ හා සංස්කෘතික සංවිධානයේ සභාපති වෛද්‍ය ඩොමිනික් කරුණානායක මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස් වලට සවන් දෙන්න.

Duration:00:10:44

Ask host to enable sharing for playback control

'ඔහුගේ මතකය අපි ඕස්ට්‍රේලියාවට රැගෙන ආවා', ලෝක යුද සමයේ ඉංජිනේරු ඒකකයක සිටි අණදෙන නිලධාරිවරයෙකු පිළිබඳ කතාවක්

4/28/2026
සෑම වසරකම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ජාතික අනුස්මරණයක් ලෙස ANZAC දිනය සමරනවා. ඒ පළමු ලෝක සංග්‍රාමයේ දී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා Gallipoli වෙත ගොඩබෑමත් ඔවුන්ගේ ධෛර්යය සහ පරිත්‍යාගයන් සිහිපත් කිරීමත් සිදු කරමින්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ සිලෝන් ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාවෙනුත් Gallipoli වෙත පිරිස් පිටත් වුණා. යුද වැදුණා. ජීවිත පරිත්‍යාග කළා. කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ඇති ස්මාරකයේ ඔබට අදටත් ඒ නම් දැක බලා ගැනීමට පුළුවන්. පළමු ලෝක යුද සමයේ සිලෝන්හි දී සිය ඉංජිනේරු හැකියාවන් පෙන් වූ ලුතිනන් කර්නල් හෙක්ටර් රොනී පෙරේරා පිළිබඳවයි මේ විශේෂාංගය. එවක First Field Engineers හමුදා ඉංජිනේරු ඒකකයේ අණදෙන නිලධාරියා ලෙසයි ඔහු කටයුතු කර තිබුණේ. ඔහු කෙරේ සෙනෙහසින් මේ තොරතුරු අප සමඟ බෙදා ගත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ෆියෝනි මියුලර් පෙරේරා. ලුතිනන් කර්නල් හෙක්ටර් රොනී පෙරේරා යනු ෆියෝනාගේ ආදරණීය මාමණ්ඩියයි. පරපුරෙන් පරපුරට ඔහු පිළිබඳව මතකය රැගෙන යන ෆියෝනාගේ අදහස්වලට ඔබත් සවන් දෙන්න.

Duration:00:05:04

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: ටස්මේනියාවේ 'Port Arthur' සමූහ ඝාතන සිදුවීමට වසර 30ක් සපිරෙයි

4/27/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:05:24

Ask host to enable sharing for playback control

මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උළෙල ගැන සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්

4/27/2026
අප්‍රේල් 26 වෙනිදා මෙල්බර්න් නුවර පැවති සූර්ය උදානය 2026 අවුරුදු උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත් වුනා. ළමුන් වෙනුවෙන් අවුරුදු ක්‍රීඩා, අවුරු කුමරිය තේරීමේ තරඟය, මෙන්ම මෝටර් රථ ප්‍රදර්ශනයක්ද මෙයට ඇතුලත් වී තිබුනා. ඒ වගේම සවස් භාගයේ එළිමහන් සංගීත සංදර්ශනයද පැවැත් වුනා. මේ එහිදී SBS සිංහල සේවයට සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස්.

Duration:00:08:33

Ask host to enable sharing for playback control

මැදපෙරදිග යුද්ධයේ බලපෑම ඔස්ට්‍රේලියානු වෙළඳපළ තුල ඇති ශ්‍රී ලාංකීය භාණ්ඩ වල මිල ගණන් වලට ඉදිරි මාස වල දැනෙන්න පටන් ගනීවි - ඩෙන්සිල් ජයවීර

4/27/2026
මැදපෙරදිග අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාව තුල වෙළඳ කේෂ්ත්‍රයේ නිරතව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය නිෂ්පාදන ගෙන්වා බෙදාහරින දෙරණ සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ඩෙන්සිල් ජයවීර මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්.

Duration:00:06:31

Ask host to enable sharing for playback control

හැකර්වරුන් විසින් රාජ්‍ය මුදල් සොරගනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්විය යුතුයි, සජිත් ප්‍රේමදාස කියයි/ මෙවැනි දේ ලොව පුරා නිතර සිදුවෙනවා, ඇමති වසන්ත කියයි

4/26/2026
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:12:05

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: සංක්‍රමණය සීමා කළ යුතු බව වන් නේෂන් නායිකා හැන්සන් සංක්‍රමණ විරෝධී රැළියක දී කියයි

4/26/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:04:52

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ස්මාර්ට් දුරකතනවලට ඇතුල් වීම තහනම්, ඩිජිටල් ලෝකයට විරාමයක්

4/26/2026
නූතන ඩිජිටල් යුගයේ ජංගම දුරකතනයෙන් තොරව මොහොතක් ගත කිරීම මොන වගේ අත්දැකීමක් ද? නෙදර්ලන්තයේ අගනුවර ඇම්ස්ටර්ඩෑමයේ කිහිප දෙනෙකු එකතු වෙලා මෙවැනි සුහුරු උපාංගවලින් තොර පරිසරයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නව මාදිලියේ සමූහයක් වන Offline Club ඔස්සේ. ඕනෑම කෙනෙකුට මේ පරිසරයට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ජංගම දුරකතන හෝ වෙන යම් ඩිජිටල් උපාංගයක් රැගෙන ඇතුල් වෙන්න බැහැ. නව පරම්පරාව ඩිජිටල් තිරයක් දෙස බලා සිටිනවා වෙනුවට සැබෑ ජීවිතයේ මිතුදම් සහ සබඳතා ගොඩනැගීමට යොමු වෙලා ද? අද කාලීන විග්‍රහය මේ පිළිබඳවයි.

Duration:00:05:50

Ask host to enable sharing for playback control

මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙලට සියල්ල සූදානම් - උපුල් චන්දන

4/24/2026
සිංහල දෙමල අලුත් අවුරුද සමරන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල උනන්දුවක් දක්වනවා. මෙල්බර්න් නගරයේ උතුරු ප්‍රදේශයේ පැවැත්වෙන සූර්ය උදානය 2026 අවුරුදු උළෙල මෙයට හොඳ උදාහරණයක්

Duration:00:11:29

Ask host to enable sharing for playback control

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, අප්‍රේල් 20 - අප්‍රේල් 24

4/24/2026
අප්‍රේල් 20වන දා සිට 24වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

Duration:00:06:51

Ask host to enable sharing for playback control

තරුෂි එක්ක තරු කතා: ප්‍රේමකීර්ති අයියා එයාගෙම අත්අකුරෙන් ලියලා දීපු කවි පද දෙක තවම මගේ ළඟ තියෙනවා - තිලකා රණසිංහ

4/24/2026
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

Duration:00:09:18

Ask host to enable sharing for playback control

මේ සතිඅන්තයේ බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් - මංජුල ජයවර්ධන

4/24/2026
බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය පෙරටු කරගත් සංවිධාන රැසක දායකත්වයෙන් මේ සතිඅන්තයේ අප්‍රේල් 26 වෙනි ඉරිදා පර්ත් සූර්ය මංගල්‍යයට සියල්ල සූදානම් බව SBS සිංහල සේවය හා එක් වෙමින් එම සංගමයේ සංස්කාරක මංජුල ජයවර්ධන මහතා සඳහන් කරනවා.

Duration:00:09:28

Ask host to enable sharing for playback control

ක්‍රීඩා විග්‍රහය: ශම්මිට ඉවත් වෙන්න කිව්වද ? / ශ්‍රී ලංකා යෞවනියන්ට ඔස්ට්‍රේලියාවේදී විශිෂ්ට ජයක් / ඔලිම්පික් නිලවරණය හෙට

4/23/2026
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:09:06

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත්: හැකර්වරු අතට ගිය මුදල හැකි පමණින් ආපසු ලබා ගන්නවා - මුදල් ලේකම් / මහ බැංකු හොරු අල්ලන්න ආපු අයට භාණ්ඩාගාර හොරු අල්ලන්න වෙලා - මුජිබර්

4/23/2026
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:08:19

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: Commonwealth බැංකුව මාස දෙකකට පෙර රැකියා 300 ක් අඩු කිරීමෙන් පසු තවත් රැකියා 119 ක් කපා හරියි

4/23/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

Duration:00:05:09